කාලය අපතේ යාම් නැත! අනවශ්‍ය වියදම් නැත! නඩත්තු නැත!
දැන් ඔබට ඔබගේ ව්‍යාපාර කටයුතු ගැන වැඩි අවධානයක් යොමු කරමින්, වියදම් මෙන්ම ව්‍යාපාරයට ආවේණික අවදානම්ද නිසි ලෙස කළමනාකරණය කළ හැකි වේ. කුලී පදනම මත යන්ත්‍රෝපකරණ ලබාගැනීම යනු විවිධ තල වලින් ඔබට වාසි ගෙන දෙන විසඳුමකි. UTE වෙතින් ඔබට පුළුල් පරාසයක පැතිරුණු යන්ත්‍රෝපකරණ (ක්‍රියාකරවන්නන් සහිතව හෝ රහිතව) ආකර්ෂණීය ගාස්තු යටතේ ලබාගත හැකි වේ.
UTE වෙතින් ඔබට තරගකාරී කුලී ගාස්තු හිමිවන අතර සෑම යන්ත්‍රයක්ම නිවැරදි නඩත්තු වලට සහ දැඩි පරීක්ෂාවන්ට ලක්කෙරේ. විශිෂ්ට මට්ටමේ යන්ත්‍රෝපකරණ මෙන්ම දැඩි කැපවීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලයක් අප සතු නිසා ඔබට UTE කෙරෙහි විශ්වාසය තැබිය හැක.
පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව නිවැරදි විසඳුම් ලබාදීම සඳහා UTE Rental නියෝජිතයන් හොඳින් පුහුණුව ලබා ඇත.
UTE Rental සතු සියලුම යන්ත්‍රෝපකරණ ඵලදායීතාව, ක්‍රියාකාරීත්වය සහ ලාභදායීත්වය වැඩි වන පරිදි, විශිෂ්ටතම මට්ටමින් නඩත්තු කෙරේ.
ඩීසල් ජෙනරේටර් පද්ධති, පොළොව කැණීමේ යන්ත්‍ර සහ අමුද්‍රව්‍ය හැසිරවීමේ යන්ත්‍ර ඇතුළුව ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන යන්ත්‍රෝපකරණ රාශියක් අප සතු ය.
ඔබගේ යන්ත්‍රෝපකරණ සෑම විටම ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා අපගේ හොඳින් පුහුණුව ලැබූ, අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය ඔබට සහය වෙයි.
අපගේ යන්ත්‍රෝපකරණ වලින් උපරිම ප්‍රයෝජන ලබමින් උපරිම ඵලදායීතාවක් සහ උපරිම ආරක්ෂාවක් සහතික කිරීම සඳහා මැනවින් පුහුණුව ලැබූ යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවන්නන් සහ තාක්ෂණ ශිල්පීන් පිරිසක් අප සතු ය.
ඔබගේ වැඩබිමට දිනකට පැය 6 කට වැඩි කාලයක් බැගින් වසරකට දින 150 කට වැඩි කාලයක් දක්වා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන්නේ නම් සහ එම මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මෙහෙයුම් නම්, ඔබ අලුත් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සුදුසු ය.
ඔබගේ වැඩබිමට වසරකට දින 200 කට වැඩි කාලයක් සඳහා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන නමුත් මෙහෙයුම් කාලය දිනකට පැය 2 කට වඩා අඩු නම් සහ, එම මෙහෙයුම් කටයුතු වැදගත්කමින් අඩු කටයුතු වන්නේ නම් ඔබට පාවිච්චි කළ යන්ත්‍රෝපකරණ මිලදීගත හැක.
ඔබගේ වැඩබිමට වසරකට දින 200 කට වැඩි කාලයක් සඳහා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන අතර මෙහෙයුම් කාලය දිනකට පැය 2 ත් 4 ත් අතර පවතින්නේ නම්, එම මෙහෙයුම් කටයුතු මධ්‍යම ප්‍රමාණයේ වැදගත්කමින් යුත් කටයුතු වන්නේ නම් ඔබට ‘මඳ වශයෙන්’ පාවිච්චි කළ (‘Low Hour’) යන්ත්‍රෝපකරණ මිලදීගත හැකි වේ.
ඔබගේ වැඩබිමට දිනකට පැය 4 කට වැඩි කාලයක් බැගින් වසරකට දින 150 කට අඩු කාලයක් දක්වා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන්නේ නම් සහ එම මෙහෙයුම් කටයුතු අතිශය වැදගත් මෙහෙයුම් වන්නේ නම්, කුලී පදනම යටතේ යන්ත්‍රෝපකරණ ලබාගන්න.
Selection of right Construction Equipment for your Project